දිවයිනේ ඇතැම් ස්ථානවලට පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දැඩි සුළං හේතුවෙන් ඊයේ (15) සවස මහනුවර පේරාදෙණිය ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසළ නවතා තිබූ සුඛෝපභෝගී වාහන කිහිපයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.
මහනුවර පේරාදෙණිය ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ආයතනයේ වැඩසටහනකට පැමිණි පිරිසකගේ වාහන මතට එම ගස කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම වාහනවලට දැඩි හානි සිදු වී තිබෙනවා.
කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ
(colombotimes.lk)