01 September 2025

logo

ජාතික ක්‍රීඩා සංගම් 03ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි



මලල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එය ඊයේ (25) සිට ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. 

මෙමඟින් අදාළ සංගම් 03හි පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත්කර තිබෙනවා. 

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 හා 33 වගන්තිවලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)