22 November 2024


සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට



මෙරට පවතින සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එම්. එම්. නයිමුදීන් සඳහන් කළේ දිස්ත්‍රික්ක 17ක සහල් සහ වී තොග පිළිබඳ දත්ත එම වාර්තාවේ ඇතුළත් බවයි.

පාරිභෝගික කටයුතු අධිකාරීයේ නිලධාරීන් පසුගිය දිනවල එම දිස්ත්‍රික්කවල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සතු වී හා සහල් තොග පිළිබඳව සමීක්ෂණයක් සිදු කළා.

අමාත්‍යාංශය සඳහන් කළේ එම වාර්තාවේ සඳහන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉදිරි පියවර ගනු ලබන බවයි.

මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් මිල ගණන් තවදුරටත් පාලන මිල ඉක්මවා අලෙවි වනවා.

ජනතාව ප්‍රකාශ කළේ ඇතැම් වෙළෙඳසැල්වල නාඩු සහල් හිඟයක් ද පවතින බවයි.

(colombotimes.lk)