මාර්ග අනතුරු ඉහළට



ගත වූ පැය 24 තුළ මාර්ග අනතුරු 8ක් සහ මරණ 10ක් වාර්තා වී තිබෙනවා.

මෙම අනතුරු 8න් 5 ක්ම සිදු වී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
(colombotimes.lk)