colombotimes.lk
සිංහල | English

02 July 2024

රෝහිත් - කෝලි 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි



ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

2010 වසරේ ජුනි 12 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තා.

ඔහු 20යි 20 ජාත්‍යන්තර තරග 125කට ක්‍රීඩාකර ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188ක්.

ඒ අනුව ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් රැස්කර තිබෙනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළා.

37 හැවිරිදි රෝහිත් ෂර්මා 2007 වසරේ සැප්තැම්බර් 19 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී 20යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තා.

ඒ අනුව මේ වනවිට ෂර්මා 20යි 20 ජාත්‍යන්තර තරග 159කට ක්‍රීඩා කර ඇති අතර ඔහු රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව  4,231ක්.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කර ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබෙනවා.

(colombotimes.lk)