03 September 2025

logo

පාකිස්ථානය වෙනුවෙන් ඉන්දියාවේ ඔත්තු බැලූ පිරිසකට වැඩ වරදියි



ඉන්දියාවේ හර්යානාහී පදිංචි YouTube නාලිකාවක් පවත්වාගෙන ගිය තරුණියක් ඇතුළු පුද්ගලයන් 6දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවන මතයි.

ඉන්දියාවේ ප්‍රසිද්ධ සංචාරක YoTube නාලිකාවක් පවත්වාගෙන යනු ලැබූ 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා නම් තරුණියක් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය ඇතුළු පිරිස විසින් ඉන්දීය හමුදා තොරතුරු පාකිස්ථානය සමඟ බෙදා ගෙන ඇති බවට මේ වන විට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති බවයි.

 
(colombotimes.lk)