05 February 2025


SL Vs SA - 1st Test | ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 9කදී බිඳ වැටෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.

මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 9ක් තුළ බිඳ වැටුණා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 3කට, දිමුත් කරුණාරත්න ලකුණු 2කට සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්.

(colombotimes.lk)