12 March 2025


අධිවේගී මාර්ගවලට යළිත් STF ආරක්ෂාව



අධිවේගී මාර්ග සේවා සඳහා ඊයේ (10) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර පවසනවා.

ඔහු සඳහන් කළේ දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන්හී සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

පසුගිය රජය සමයේදී සිදු කළ 'යුක්තිය' මෙහෙයුමත් සමඟ මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

(colombotimes.lk)