colombotimes.lk
සිංහල | English

27 April 2024

සජබයෙන් යළිත් අනුරගේ ආර්ථික කණ්ඩායමට අභියෝගයක්



සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට එක්වන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට නැවත වතාවක් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බවට ප්‍රකාශ කළත්, එය කරන්නේ කෙසේදැයි තවමත් ප්‍රකාශ කර නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

 
(colombotimes.lk)