colombotimes.lk
සිංහල | English

04 May 2024

පාරම්පරික වෙදකමට රජය එරෙහිවන බවට චෝදනා



වත්මන් ආණ්ඩුව පාරම්පරික වෛද්‍ය කලාවට අගතියක් වන ආකාරයේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

එමෙන්ම වර්තමාන රජය සුපුරුදු පරිදි තමන්ගේ නොහැකියාව සහ නොදැනුවත්කම ඉස්මතු කරමින් සිටින බවයි ඔහු පැවසුවේ. 
 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හොර රහසේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් ගෙනෙන සෑම අණපනතක්ම පරාජය කරන බවයි.
(colombotimes.lk)