colombotimes.lk
සිංහල | English

18 October 2024


රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම ලබා දී අවසන් - බන්දුල



රාජ්‍ය සේවකයන්ගේ දැවැන්ත වැටුප් වැඩි කිරීම 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ලබාදුන් නිර්දේශ දැනටමත් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරගෙන යන 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කර ඇතිබව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ වැටුප් වර්ධනය සඳහා වෙන් කල ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ දත්ත ලබන මාසයේ දී නිකුත් කෙරෙන අය-වැය ඇස්තමේන්තුවෙන් දැකබලා ගැනීමට හැකියාව ඇති බවයි.
 
බොරලැස්ගමුවේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



(colombotimes.lk)