colombotimes.lk
සිංහල | English

02 May 2024

කාසල්රි ජලාශයේ අතුරුදන් වූ පාසල් සිසුවා සොයා ගැනේ



කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර එම ජලාශයේ තිබී ඊයේ (18) රාත්‍රීයේ සොයාගෙන තිබෙනවා.

එලෙස ජිවිතක්ෂයට පත් ව ඇත්තේ, කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවෙක්.

දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර සොයා කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරීන්, එම ජලාශයේ ධීවරයන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණා.
(colombotimes.lk)