මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් නොවන විශේෂ ප්‍රභූ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 5,400 දෙනෙකු අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ඒ සම්බන්ධව සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
(colombotimes.lk)