06 July 2025

logo

සීනී සමාගම් ප්‍රසාද දීමනා සඳහා පමණක් රුපියල් කෝටි 73ක් වියදම් කරයි



2022 වර්ෂය සඳහා පමණක් සීමාසහිත ලංකා සීනී පෞද්ගලික සමාගම විසින් දිරි දීමනා සහ ප්‍රසාද දීමනා සඳහා පමණක් රුපියල් කෝටි 73කට අධික මුදලක් ගෙවා ඇති බව වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලය විසින් ලංකා සීනී පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාවේ මේ බව සඳහන් වී තිබුණා.

ඒ අනුව 2022 වර්ෂයේ දී සෙවණගල සහ පැලවත්ත සීනී සමාගම් සදහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා වශයෙන් රුපියල් හැත්තෑ තුන්කෝටි හැට හත්ලක්ෂ විසිදහස් එකසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව සඳහන්.

සෙවණගල අංශය සහ ප්‍රධාන කාර්යාලය සදහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා වශයෙන් පසුගිය වසරට රුපියල් විසි දෙකෝටි අසූ හත් ලක්ෂ තුන්දහස් එකසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව පසුගිය වර්ෂය සඳහා ගෙවිය හැකි ප්‍රසාද දීමනාව රුපියල් දෙකෝටි අසූ හයලක්ෂයක් වුව ද රුපියල් විසිකෝටි එක්ලක්ෂ තුන්දහස් එකසිය විසි පහක මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)