03 July 2025

logo

සීතාවක ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි



සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙක් පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) උදෑසන ආරම්භ වුණා. 

ඒ බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා කර තිබෙනවා. 

ඒ අනුව යෝජනා 2ක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බව කොමසාරිස්වරිය ප්‍රකාශ කළා. 

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24දෙනෙක් සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

මේ හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබෙනවා. 

කෙසේ වෙතත් අනතුරුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළා. 

(colombotimes.lk)