2025 වසරේ ආරම්භ කළ වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම එළඹෙන ජුනි මස 05වනදා තවත් රක්ෂිත 5ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ.
රිටිගල, අලියාවැටුණුවැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචි නම් රක්ෂිත ජුනි මස 05වනදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ 2025 වසරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් පැවති බවයි.
ඉන් පසු ජගත් වනාන්තර දිනයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර 50 තුළ රක්ෂිත හෙක්ටයාර 12,989ක් පැවැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
(colombotimes.lk)
