දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237දෙනෙක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසයි.
මේ වන විට වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළා.
ඇය කියා සිටියේ මෙම රෝගී තත්ත්වය ප්‍රථමවරට අප්‍රේල් 15වනදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගත් බවයි.
අනතුරුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
