10 May 2026

logo

පළාත් 07කට කාලගුණය දරුණු වෙයි



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

එමෙන්ම දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මැයි මස 11වනදා පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)