01 September 2025

logo

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 29වනදා දක්වායි. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 


(colombotimes.lk)