22 November 2024


ශිවගංගී සතියට දවස් 05ක් ඉන්දියාවට යයි



ඉන්දියාව සහ යාපනය අතර ක්‍රියාත්මක මගී නැව් සේවාව ලබන (08) වනදා සිට සතියට දින 05ක් යාත්‍රා කිරීමට තීරණය කර තිබෙනවා.

ශිවගංගී නැව් සමාගම සඳහන් කළේ මගීන්ගේ ඉල්ලුම සහ ප්‍රවේශ පත්‍ර වැඩියෙන් අලෙවි වීම හේතුවෙන් සතියට දින 05ක් මගී නැව් සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව සඳුදා සහ බදාදා යන දින දෙක හැර අනෙක් දින පහ පුරාම මෙම සේවාව ක්‍රියාත්මක වනවා.

(colombotimes.lk)