මෙනින්ජයිටිස් සඳහා භාවිතා කරන මෙනින්කොකොකල් එන්නත රජයේ රෝහල්වල වසරක පමණ කාලයක සිට හිඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ වන විට ගාල්ල බන්ධනාගාරය තුළ මෙනින්ජයිටිස් රෝගය පැතිර යන බැවින් එය බරපතළ ප්‍රශ්නයක් බවයි ඔහු පවසන්නේ.
හජ් වන්දනාකරුවන්ට ද මෙනින්ගොකොකල් එන්නත ලබාදීමට අවශ්‍ය බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ස්ථාවර නියෝග 27/2 යටතේ වාචික ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙනින්ගොකොකල් එන්නත් තොගයක් සපයා ඇති බවත්, එම එන්නත් තොගය රේගුවෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් වාර්තා වන බවයි.
විපක්ෂ නායකවරයා අසන ප්‍රශ්නවලට ඉදිරි දිනකදී පිළිතුරු ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුවැල්ල මහතා සඳහන් කළා.
(colombotimes.lk)