වයස අවුරුදු 65ට අඩු විශ්‍රමික රියදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ සේවක හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොන්දොස්තර හා රියදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බවයි.
(colombotimes.lk)