12 July 2025

logo

ගාසා තීරය අත්පත් කරගැනීමට ට්‍රම්ප් සැරසෙයි



යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ පාලනය ඇමරිකාව අත්පත් කරගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේදී හමුවීමෙන් පසු දෙරටේ නායකයන් අතර පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම ගාසා තීරයේ සිටින පලස්තීනුවන් ඉන් පිටත නැවත පදිංචි කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ පුපුරා නොගිය බෝම්බ සහ අනෙකුත් ආයුධ ඉවත් කිරීමේ වගකීමද ඇමරිකාව භාර ගන්නා බවයි.  

(colombotimes.lk)