සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
ඔහු එම නියෝගයට අත්සන් තබමින් කියා සිටියේ මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් පවත්වන බවයි.
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ ආයතනවලට මෙම නියෝගය මඟින් බලය ලබාදී ඇති බවයි.
(colombotimes.lk)