හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන ටෙහ්රීක් – ඊ – ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් (Khawaja Asif) සඳහන් කරනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන් හමුදා ස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඔහුගේ පාක්ෂිකයින් ලාහෝර් කෝප්ස් කමාන්ඩර් හවුස්, මියන්වාලි ගුවන් කඳවුර සහ ෆයිසලාබාද්හි අයිඑස්අයි ගොඩනැගිල්ල ඇතුළු හමුදා ස්ථාන කිහිපයකට හානි සිදු කර තිබුණා.
(colombotimes.lk)