colombotimes.lk
සිංහල | English

27 April 2024

සිරිපා කරුණා කළ විදේශිකයෙක් ප්‍රපාතයට වැටෙයි



රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැළකණුව ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට ඉන්දීය ජාතිකයෙකු ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද (29) අලුයම 4.45ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ තවත් පිරිසක් සමඟ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටියදීයි.

විශාල පරිශ්‍රමයක් දරා ඔහුව මුදවා ගෙන ඇති අතර කඩිනමින් රෝහල් ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර  ගෙන තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාෂ්ට ප්‍රදේශයේ පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙක්.

(colombotimes.lk)