17 September 2025

logo

බිත්තර මිල අද සිට ඉහළට



බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා සඳහන් කළේ, බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 58ක් සහ සිල්ලර මිල රුපියල් 63ක් දක්වා ඉහළ යන බවයි එම සංගමය පැවසුවේ.
(colombotimes.lk)