17 September 2025

logo

ගම්මන්පිලගේ පෙත්සමක් සලකා බැලීමට දිනයක් දෙයි



එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 24වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙන්නේ මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි.

(colombotimes.lk)