colombotimes.lk
සිංහල | English

17 September 2024


දකුණු කොරියාව, උතුරු කොරියාවට එරෙහිව ප්‍රචාරක විකාශන අරඹයි



වසර හයකට පසු පළමු වතාවට උතුරු කොරියාවට එරෙහිව ප්‍රචාරක විකාශන නැවත ආරම්භ කරන බව දකුණු කොරියාව පවසනවා.

ඒ දේශසීමා හරහා කසළ පිරවූ බැලූන් යැවීමේ පියොංයැන්ග් (Pyongyang's) ව්‍යාපාරයට ප්‍රතිචාර වශයෙන්.

නමුත් උතුරු කොරියාව තවමත් එම නිවේදනයට ප්‍රතිචාර දක්වා නැහැ.

උතුරු කොරියානු බැලූන් 300 කට අධික ප්‍රමාණයක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් බැලූන් 80 ක් පමණ පරණ කඩදාසි සහ ප්ලාස්ටික් තහඩු රැගෙන දකුණට ගොඩ බැස තිබෙනවා.
(colombotimes.lk)