11 July 2025

logo

දකුණු කොරියාවේ පාලක පක්ෂයට දරුණු පරාජයක්



දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිවී තිබෙනවා.

එරට ජාතික සභාවේ ආසන 300න් 192ක බලය හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඔවුන් සමඟ එකතුව කටයුතු කළ කුඩා පක්ෂ සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ People Power පක්ෂයට දරුණු පරාජයක් හිමිවී තිබෙනවා.

මෙම පරාජයත් සමගම අගමැති Han Duk-soo සහ People Power පක්ෂයේ සභාපති Han Dong-hoon ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)