13 July 2025

logo

දකුණු කොරියානු ජනපති රැඳවුම් භාරයෙන් නිදහස් වෙයි



රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා.

ඒ ඔහු නිදහස් කරන ලෙස අධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක්වුණේ හදිසියේ රටට හමුදා නීතිය හඳුන්වාදීමට ගත් තීන්දුවත් සමඟයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා ගත් මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගැනීමට ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟම ආරම්භ වුණා.

(colombotimes.lk)