ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී කථානායකවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැළපෙන බැවින් එය නිසි පිළිවෙළකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.
අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙස මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ස්ථාවර නියෝග යටතේ සඳහන් කළා.
(colombotimes.lk)