ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (ඔක්තෝබර් 17) පනත් කෙටුම්පත් පහක් (05) සඳහා සහතිකය අනුමත කරන තිබෙනවා.
එම පනත් කෙටුම්පත් 05 පහත පරිදි වනවා.
- 2023 අංක 20 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත
- 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත
- 2023 අංක 22 දරන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය ( 2023 අංක 23 දරන සංශෝධන) පනත
- 2023 අංක 24 දරන සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත
පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව ඊට පෙර සතිය තුළ මෙම පනත් කෙටුම්පත් පහ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එම අනුමැතියෙන් පසුව 2023 ඔක්තෝම්බර් 17 වන දින සිට සිට පනත් පහ ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)