16 March 2025


සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂයකයන්ට විශේෂ දැනුම්දීමක්



හෙට (17) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ එම විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිදුවිය හැකි අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි බාධා මඟහරවා ගනිමින් විභාගය පවත්වා ගෙනයාම වෙනුවෙන්.

එහිදී යම් අපේක්ෂකයෙක්ට ආපදාවක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020, 0113 668 100, 0113 668 013, 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත දැනුම්දිය හැකියි.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකය ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)