ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව එහිදී කථානායකවරයා සඳහන් කළා.
ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී ඇති බවත් දැනුම්දී තිබෙනවා.
එමෙන්ම පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)