15 March 2025


විශේෂ ඉෆ්තාර් උත්සවය ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්



ඉස්ලාම්  බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පවත්වා තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.

ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මෙහි පිළිගැනීමේ කතාව සිදු කර තිබෙනවා.

එමෙන්ම ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්ද උත්සව සභාව අමතා තිබෙන බවයි වාර්තා වන්නේ.

ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා 'රාමසාන් මාසයේ වැදගත්කම' පිළිබඳව විශේෂ දේශනයක්ද සිදු කර තිබෙනවා.

(colombotimes.lk)