15 March 2025


අග්‍රාමාත්‍යවරිය සහ ITC විධායක අධ්‍යක්ෂක අතර විශේෂ හමුවක්



අග්‍රාමාත්‍යවරිය හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ  විධායක අධ්‍යක්ෂ පැමෙලා හැමිල්ටන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුළුල් ලෙස ආර්ථිකයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ සංචාරක, අපනයන, බලශක්ති, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය පුහුණුව වැනි ප්‍රධාන අංශ හඳුනාගනිමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටින බවයි.

(colombotimes.lk)