පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දී ඇති බවයි.
එම වාර්තාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබාදිය යුතු බව අදාළ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.
(colombotimes.lk)