07 July 2025

logo

වනඅලීන්ට ප්‍රතිකාර කරන්න රෝහලක්



වනඅලීන්ට සිදු වන වෙඩි වැදීම් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි කියා සිටියේ රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.  

පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්තියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. 

ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්තියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබාදීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)