ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දී තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇති විය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.
ඉදිරි මාස 2කට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)