26 May 2026

logo

ඉන්ධන මිල ගැන තෙල් සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්



ජූලි මාසය අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වන විට රට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා. 

ඔහු කියා සිටියේ මේ මස 28වනදා සහ 31වනදා යන දිනවල තවත් බොරතෙල් නෞකා 02ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී ඉන්ධන මිල විශාල ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බවත්, මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා. 

(colombotimes.lk)