කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක් අද (05) නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ ඒ ආශ්‍රිත දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මෙම පද්ධතිය වර්ධනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන අතර මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
