11 July 2025

logo

බස් රථ මගී ප්‍රවේශ පත්‍ර ගැන විශේෂ තීරණයක්



බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

ඒ කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේදී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි. 

ලබන 30වනදා සිට වාහන ධාවනයේදී ආරක්ෂණ යෝජනා ක්‍රම 85ක් හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)