එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ලබන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට මෙම පියවර ගත් බවයි.
මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)