මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා.
එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග කිහිපයකත් ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් එහි රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම මාර්‌ගවල රථ වාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස රියදුරන්ට දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)