දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය සහිත යාත්‍රා 02 වටලා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි සිටි ධීවරයන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
