මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවී සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වාත් අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)