13 September 2025

logo

නීති විරෝධි රත්‍රං පතලක් කඩා වැටෙයි - 07ක් සිරවෙයි



කොළොම්බියාවේ කෝකාහී නීති විරෝධි රත්‍රං පතලක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයින් 07දෙනෙක් ඒ තුළ සිරවී සිටින බවයි.
 
පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

ඔවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටින බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන බවත් ඒ හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදු කරමින් සිටින බවත් විදෙස් වාර්තාවල සඳහන්.  

(colombotimes.lk)