වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරට මරණ තර්ජනය කළ බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාරට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.
එම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඊට පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා තිබෙනවා.
එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)