15 March 2025


සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට විශේෂ මතක් කිරීමක්



මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයන්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් අද උදෑසන 8.30 සිට දහවල්  12.30 දක්වා කාර්යාලය විවෘත කර තබන බවයි.
 
මේ සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල දහවල් 12.30 දක්වා විවෘත කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලිපිය http://www.drp.gov.lk  දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද අවස්ථාව ලබා දී ඇති බවයි.

(colombotimes.lk)